පිලීපීනයට න්‍යෂ්ඨික අවි ගේන්න එපා / පිලිපීන ජනපති අමෙරිකාවට දන්වයි

අමෙරිකාව තම රට තුල න්‍යෂ්ඨික අවි ස්ථානගත කිරීමට තැත් කළහොත් අමෙරිකාව සමග ආරක්ෂක එකඟතාවයෙන් බවත් වන පිලිපීන ජනපති රොඩ්රිගු දුතර්තේ මහතා පවසනවා.
ඔහු කියා සිටියේ චීනය සමග කවර ගැටළු පැවතියද තම රට තුල න්‍යෂ්ඨික අවි ස්ථානගත කිරීමට ඉඩ දිය නොහැකි බවයි.
ඒ අනුව අමෙරිකානු කදවුරු රට තුල අඛණ්ඩව පවත්වාගෙන යාමට නම් න්‍යෂ්ඨික අවි පිලිපීනය තුලට ගෙන ඒමේ අපේක්ෂා ඉවත් කර ගන්නා ලෙසයි ඔහු අමෙරිකාවට දැනුම්දී ඇත්තේ.
දෙරට අතර මතභේදතා පැවතියද මෙම සතිය තුල චීනය විසින් සිනොවැක්ස් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් පිලිපීනයට පරිත්‍යාග කර තිබුණා.
කෙසේ වෙතත් පසුගිය සතියේදී පිලිපීනය අවධාරණය කළේ දකුණු දීන මුහුදේදී තම හමුදාවන්ට පහර දුනහොත් චීනයටද ප්‍රති ප්‍රහාර එල්ලකරන බවයි.

පුවත යවන්න