කොරෝනා වසංගතය මෙම වසර අවසානයේ අවසන් කළහැකි බවට අපේක්ෂා කිරීම යථාර්ථවාදී නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
එහි හදිසි මෙහෙයුම් අධ්යක්ෂ වෛද්‍ය මයිකල් රයන් පැවසුවේ පසුගිය මාසය තුල අඛණ්ඩව දෛනිකව ලෝකයෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන පහත ගියද මෙම සතියේ යළිත් එම ආසාදිතයන් ගණන ඉහළ යමින් පවතින බවයි.
කෙසේ වෙතත් කොරෝනා මරණ සංඛ්‍යාව සැළකිය යුතු මට්ටමින් පහත වැටෙමින් පවතින බවද ඔහු ප්‍රකාශ කළා.
ලෝකය පුරා කොරෝනා එන්නත්කරණය මේ සඳහා බලපා ඇති බවයි වෛද්‍ය මයිකල් රයන් පැවසුවේ.
වසංගතය යම් පාලනයකට නතුව තිබුණ ද එය යළිත් හිස එසවීමේ හැකියාව බැහැර නොකළ යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.
මේ වන විට දිනකට ලෝකයෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ 4කට ආසන්න වන අතර එය මාස 2කට පෙර දිනකට ලක්ෂ 8 ක මට්ටමක පැවතුණා.
පසුගිය සතියට පෙර ආසාදිතයන් ලක්ෂ තුනහමාරක් දක්වා දිනකට පහත වැටුණද මේ වන විට එය යළිත් වර්ධනයවී තිබෙනවා.