තායිවානය නිල වශයෙන් පිළිගැනීමට අමෙරිකාවෙන් යෝජනාවක් / චීනය කෝප වන ලකුණු

තායිවානය චීනයෙන් වෙන්වූ ස්වාධීන රටක් ලෙස සැලකීම සඳහා වන නව නියමයක් සම්මත කරමින් එරට සමග විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවත ආරම්භ කරන ලෙස අමෙරිකානු සෙනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්‍රීවරුන් විසිනුයි.
1979 වන තෙක් තායිවානය ස්වාධීන රටක් ලෙස අමෙරිකාව පිළිගත් අතර එවක අමෙරිකානු ජනපති ජිමී කාටර් තායිවානය සමඟ විධිමත් සබඳතා අත්හිටුවා බීජිංහි කොමියුනිස්ට් පාලනය තායිවානයේ පාලනය ලෙස පිළිගනු ලැබුවා.
සෙනට් මන්ඩලයට ඉදිරිපත්වූ නව යෝජනාව අනුව යළිත් තායිවානය චීනයෙන් වෙන්වූ ස්වාධීන රටක් ලෙස සැලකීමටයි යෝජනා කර ඇත්තේ.
කෙසේ වෙතත් චීනය මේ වන විට දැඩිව අවධාරණය කරමින් පවතින්නේ තායිවානය තම රටේ කොටසක් පමණක් බවයි.
ඒ අනුව අමෙරිකාවේ නව යෝජනාව සමග චීන අමෙරිකානු නව අර්බුධයක් මතුවීමේ අවධානමක් පවතිනවා.

පුවත යවන්න