චීනය විසින් නිශ්චිත වශයෙන්ම තායිවානය ආක්රමණය කිරීමේ සූදානමක පසුවන බවට තායිවානයේ ජාතික ආරක්ෂක පර්යේෂණ ආයතනයේ විශ්ලේෂකයෙකු වන ෂු හ්ෂියාඕ -හුවාං පවසනවා.
ඔහු කියා සිටියේ සෘජු යුධ ක්රියාමාර්ගයක් මෙන්ම වෙනත් පියවරක් මගින්ද එවන් තත්ත්වයක් මතුවිය හැකි බවයි.
පසුගිය සමයේ සිට අඛණ්ඩව චීනය තායිවානයට ඉහළින් යුධ ගුවන් යානා පියාසර කරමින් පවතින අතර එරට ආසන්න සාගරයේ යුධ නෞකාවන්ද සැරිසරමින් පවතිනවා.
ඒ අනුව බීජීනය පූර්ණ ආක්රමණයකට අර අදින බවටයි විශ්ලේෂකයා අනතුරු අඟවන්නේ.
කෙසේ වෙතත් එය ගෝලීය අර්බුධයක් බවට පත්වනු ඇතැයිද ඔහු සිය වාර්තාවෙන් පෙන්වා දෙනවා.