ප්‍රභූන්ටම වෙන්වූ කොරෝනා එන්නත් මධ්‍යස්ථාන ගැන හෙදියක් හෙළිකරයි

මේ වන විට මෙරට තුල කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙල මූලික අධියර තුල ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
කෙසේ වෙතත් එය නියමිත සැලසුමක් මත ක්‍රියාත්මක නොවන බවටයි ප්‍රජා වෛද්‍යවරුන් ඇතුලු පාර්ශව චෝදනා කළේ.
කොවිඩ් මර්දනය සඳහා ඉදිරිපෙල ක්‍රියාකරන එක්ලක්ෂ පනස්දහසක් පමණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, එක්ලක්ෂ විසිදහසක් පමණ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවල පිරිස් වෙත පළමු අධියරේදී එන්නත් ලබාදීමට කටයුතු කර තිබුණා.
කෙසේ වෙතත් වයස අවුරුදු 60 ඉක්මවූ අවදානම් කාණ්ඩයට එන්නත ලබාදීමේ ප්‍රමුඛතාවයක් ලබාදීමට නියමිත වුවද කිසිදු එම කාණ්ඩායට හෝ අවදානමකින් තොර ක්‍රීඩකයන් / දේශපාලනඥයන් ඇතුළු පිරිස් එන්නත් ලබාගත් බවටයි චෝදනා නැගුණේ.
මේ අතර බී බී සී සිංහල සේවයට අදහස් දැක්වූ කොරෝනා එන්නත්කරණයට සම්බන්ධව සිටින හෙදියක් හෙළිකර ඇත්තේ අවදානම් කාණ්ඩය වෙනුවට ප්‍රභූන් සඳහා වෙන්වූ එන්නත්කරණ මධ්‍යස්ථානයක තමන් සේවය කරන අතර දේශපාලනඥයන්ගේ පවුල්වල පුද්ගලයන් ඇතුළු ප්‍රභූන්ට එහිදී එන්නත් ලබාදෙන බවයි.

“මම හෙදියක්, VIP වැක්සීන් සෙන්ටර් එකක වැඩ කරනවා. මට ඇත්තටම මහා කලකිරීමක් තියෙන්නේ මේ වැඩපිළිවෙල ගැන. අපේ පවුලේ වයසක අම්මට, තාත්තට තියා කිසි කෙනෙකුට එන්නත ලැබුණේ නැහැ. නමුත් VIP සෙන්ටර් එකට දේශපාලඥයන්, ඒ අයගේ නෑයෝ, යාළුවෝ සහ ප්‍රභූන් කියන අය ඔක්කොම ඇවිත් එන්නත විදගෙන යනවා. මේක ඇත්තටම ලොකු අසාධාරණයක්,”   – BBC සිංහල සේවය

පුවත යවන්න