කඩු ගැන කාදිනල් හිමිගේ පෙත්සමට කරුණු කියන්න / නීතිපතිට අධිකරණයෙන් උපදෙස්

පාස්කු ප්‍රහාරය එල්ලවූ කාලයේදී කඩු හයදහසක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට අගරදගුරු හිමිපාණන් කළ පෙත්සම සම්බන්ධයෙන් මේ මස 31 වනදා කරුණු දක්වන ලෙසට අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කළා.

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ගොනුකර ඇති මෙම පෙත්සම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාගේ මෙන්ම පොලිස්පතිවරයාගෙන් උපදෙස් ලබාගෙන මෙලෙස කරුණු දක්වන ලෙසටයි නියෝගකර තිබෙන්නේ.

මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුණ ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද කැදවා තිබුණා.

මේ අතර පාස්කු කොමිෂන් වාර්තාව සම්බන්ධව ස්ථාන කිහිපයකදීම පක්ෂ විපක්ෂ අදහස් රැසක් පළවුණා.

පුවත යවන්න