පකිස්ථානයේ වත්මන් රජය ඉතා ඉක්මනින් බිදවැටීමට නියමිත බව පාකිස්තාන මහජන පක්ෂයේ සභාපති බිලවාල් භූතෝ සර්දාරි පවසනවා.
ඔහු කියා සිටියේ මේ වන විටත් පකිස්ථාන වැසියන් අතර ඉම්රාන් කාන්ගේ රජය පිළිබද විශ්වාසය බිද වැටී අවසන් බවයි.
වත්මන් පකිස්ථාන පාලනය එය විදෙස් රූකඩයක් බවට පත්කිරීමට ඉඩ ලබාදී ඇතැයි ද ඔහු පවසනවා.
සෙනෙට් සභාවේ අසුනක් වෙනුවෙන් පැවැති මැතිවරණයකින් ඉම්රාන් ඛාන්ගේ පක්ෂය පරාජය වීමෙන් පසු විපක්ෂය වෙනුවෙන් අදහස් දක්වමින් මෙම අභියෝගය එල්ල කර තිබෙනවා.