චීනයට හා ඉන්දියාවට රුසියාවෙන් පැසසුම්

ඉන්දියාව හා චීනය අතර ඇතිකරගත් දේශසීමා ආසන්න ගැටුම් වැළැක්වීමේ ගිවිසුම පැසසුමට ලක් කරන බව රුසියාව පවසනවා.
රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා පැවසුවේ එය සත්‍ය වශයෙන්ම ක්‍රියාත්මක වන්නේදැයි සොබා බලමින් පවතින බවයි.
ජාත්‍යන්තර ප්‍රජාවේ වගකිවයුතු සාමාජිකයන් වන ඉන්දියාව හා චීනයට හැකි ඉක්මනින් මෙම ගැටළුව ස්ථිරව විසඳීම සඳහා අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි සාමකාමී මාර්ග සොයා ගැනීමට හැකි වනු ඇතැයි රුසියාව විශ්වාස කරන බවද ඇය පැවසුවා.
විදේශීය මැදිහත්වීමකින් තොරව සහ ද්විපාර්ශ්වික සංවාදය තුල ගැටලුව විසදා ගැනීම අගය කරන බවයි මෙහිදී පෙන්වා දී ඇත්තේ.
පසුගිය වසරේ ගැල්වාන් නිම්නයේ හටගත් ගැටුමෙන් පසු දෙරට අතර හටගත් තත්ත්වය සමනයවීම ලෝක සාමය වෙනුවෙන් ගත් වැදගත් පියවරක් බවයි රුසියාව අවධාරණය කළේ.

පුවත යවන්න