හොංකොං සම්බන්ධ නව ප්‍රතිපත්තියකට චීනය සූදානම්

හොංකොං සම්බන්ධයෙන් මෙතෙක් අනුගමනය කළ එක් රටක්ල පද්ධති දෙකක් යන ප්‍රතිපත්තිය බීජිං හි වාර්ෂික දේශපාලන සැසියේ වාර්තාවෙන් ඉවත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.
හොංකොං ෆ්‍රී ප්‍රෙස් හි වාර්තාවකට අනුව පෙන්වා දෙන්නේ හොංකොං සම්බන්ධයෙන් චීනය මෙතෙක් අනුගමනය කළ දැඩි ප්‍රතිපත්තියේ උච්චතම අවස්ථාව ලෙස මෙය නම් කර ඇති බවයි.
ඒ අනුව එක් රටක් පාලන පද්ධති දෙකක් වෙනුවට හොංකොං හා චීනය එක් රටක් පමණක් යන ප්‍රතිපත්තියෙන් ඉදිරියට පාලනය කිරීමේ හැකියාවක් ඇති බවටයි සැක පල කර ඇත්තේ.
වෝල් ස්ට්‍රීට් ජර්නල් හි වාර්තාවක් පෙන්වා දෙන්නේ හොංකොං සම්බන්ධ දැඩි නව නීති පැනවීමට චීනය යොමුවෙමින් පවතින බවයි.
විපක්ෂ ක්‍රියාකාරීන් මර්ධනය එහි අරමුණ බවට ද චෝදනා එල්ල කර තිබුණා.

පුවත යවන්න