අමෙරිකානු සංචිත බැංකුවේ දෙවන පුටුව ඉන්දීය සම්භවයක් සහිත කාන්තාවකට

අමෙරිකානු ,නිව්යෝක් ෆෙඩරල් සංචිත බැංකුවේ පළමු උප සභාපති සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස ඉන්දීය සම්භවයක් සහිත කාන්තාවක් පත් කර තිබෙනවා.
මූල්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත 25 හැවිරිදි නෞරීන් හසන් නැමැති නිලධාරිනිය මේ සදහා පත් කර ඇති බවයි අමෙරිකානු මාධ්‍ය වාර්තා පවසන්නේ.
නව අමෙරිකානු ජනපති ජෝ බයිඩන්ගේ පාලනය තුල ඉන්දීය සම්භවයක් සහිත බොහෝ දෙනෙකුට ඉහළ තනතුරු ලබාදීමට පියවර ගෙන තිබුණා.

පුවත යවන්න