පුහුණුව ලැබූ මරාගෙන මැරෙන කාන්තාවන් දෙදෙනෙක් සොයා පරීක්ෂණ

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්  මෙරටදී පුද්ගලයින් 676 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

පාස්කු කොමිසම් වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තු විවාදයේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

මේ අතරින් 202ක් බන්ධනාගාරගත කර ඇති අතර 66 දෙනෙක් රඳවාගෙන ප්‍රශ්න කරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

මේ අතර, සහරාන් නැමති ස්වයං ඝාතකයා යටතේ පුහුණු වී ඇති කාන්තා අංශයක් සම්බන්ධයෙන් 2020 මුල්භාගයේ දී මෙරට බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ගත් බව ද අමාත්‍ය සරත් වීරසේකර මහතා කියාසිටියා.

එසේ පුහුණු වු කාන්තාවන් 17ක් මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා ප්‍රතිඥා (බයියක්) ලබා දී ඇති බවත් ඉන් 5ක් මියගොස් ඇති අතර තිදෙනෙක්ට චෝදනා ගොනු කර බන්ධනාගාර ගත කර ඇතැයි ද පැවසු අමාත්‍යවරයා, 7 දෙනෙකු අත්අඩංගුවේ තබා විමර්ශන කටයුතු සිදුකෙරෙන බවත් ඉතිරි දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බවත් සදහන් කළා.

පුවත යවන්න