කොහුවල, ආසිරි මාවත ප්‍රදේශයේ තිබී සොයාගත් මෝටර් රථයක් පිළිස්සුනු මළ සිරුර සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 6 දෙනෙකුගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කර ගෙන තිඛෙනවා.
අදාළ සිද්ධිය පිළිබද විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළා.
මේ වන විට ගල්කිස්ස වැඩබලන මහේස්ත්රාත්වරියල රජයේ රස පරීක්ෂකවරයා සහ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණ නිරීක්ෂණ කර තිඛෙනවා.
මළ සිරුර සම්බන්ධයෙන් ඩී එන් ඒ පරීක්ෂණයක් පැවැත්වීමට ද පියවර ගෙන ඇති බවත් ඒ තුළින් ඔහුගේ අන්‍යතාව තහවුරු කර ගැනීමට හැකිවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
මෙම සිද්ධිය පිළිබද සී.සී.ටී.වී දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනයේදී අදාළ පුද්ගලයා ඊයේ රාත්‍රී 10.55 ත් 11.15ත් අතර කාලය තුළ දෙහිවල ප්‍රදේශයේ අවහන්හලකින් රාත්‍රී ආහාර ගෙන ඇති බවට අනාවරණ වී තිඛේ.
කෙසේවෙතත් ඔහුගේ මෝටර් රථය තුළ පිළිස්සී ගිය සිරුර කොහුවල ආසිරි මාවත ප්‍රදේශයේදී සොයාගෙන තිබුණේ රාත්‍රී 11.30ට පමණය.
මෙලෙස මියගොස් ඇත්තේ කළුබෝවිල භාතිය මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවට දැනට හඳුනාගෙන ඇත.