සීනි බදු වංචාවට එරෙහිව ජ.වි.පෙ අධිකරණයට

සීනි බදු වංචාව පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකරන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

ඔහු පැවසුවේ ආනයනික සීනි සඳහා පනවූ බදු වංචාවක් මගින් රජයට රුපියල් බිලියන 15.9ක විශාල මුදලක් අහිමි කිරීම සහ ඒ මගින් ජනතාවට ලැබිය යුතු සහනය නොලැබීම නිසා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් සහනයක් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකිරීමට තිරණය කළ බවයි.

හෙට දිනයේ දී අදාළ පෙත්සම ගොණු කරන බවත් එහි වගඋත්තරකරුවන් බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් අමාත්යංශ ලේකම් එස්.ආර්. ආටිගල, සතොස හිටපු සභාපති නුෂාඩ් පෙරේරා, විල්මා සමාගමේ සභාපති සජාත් මවුසූන්, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ශාන්ත දිසානායක සහ නීතිපති නම් කරන බවත් සුනිල් හදුන්නෙත්ති මහතා සදහන් කළේය.

පුවත යවන්න