තායිවානයේ ආත්මාරක්ෂාව සඳහා අඛණ්ඩව අවශ්‍ය සහාය ලබා දෙන බව අමෙරිකාව පවසනවා.
ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් සාකි මාධ්‍යවේදීන් වෙත කියා සිටියේ ඉදිරියේදී තායිවානයට එල්ලවිය හැකි ඕනෑම අභියෝගයකදී අමෙරිකානු සහාය ලබාදීමට නියමිත බවයි.
1979 දක්වාම අමෙරිකානු හා තායිවාන රාජ්‍යත්‍රාන්ත්‍රික සබදතා ක්‍රියාත්මක වුවද , එතැන් සිට චීනය සමග සබදතා වර්ධනය කර ගැනීමටයි එවක අමෙරිකානු ජනපතිවරයා කටයුතු කර තිබුණේ.
ඒ අනුව යලිත් තායිවානය සමග සබදතා වර්ධනය කර ගැනීමට ද අමෙරිකාවේ අවධානය යොමුව තිබෙනවා.