1989 න් පසු මුල්වරට චීනයට සම්බාධක පැනවීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා.
ඒ ෂීජියෑන්හී උයිගර්වරුන් සම්බන්ධ මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා මතයි.
මානව හිමිකම් කඩ කිරීමට අදාළ චෝදනා සහිත නිලධාරීන් මුල් කර ගනිමින් මෙම සම්බාධක පැනවීමට නියමිතයි.
යුරෝපා සංගමයේ විදේශ අමාත්‍යවරුන්ගේ සාකච්ජාවකින් පසුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.
කෙසේ වෙතත් මෙම සම්බාධක හේතුවෙන් යුරෝපා චීන සබදතාවයන් අර්බුධයකට ලක්විය හැකි බවටයි උපකල්පනය කර ඇත්තේ.
අවසන් වරට යුරොපා රටවල් විසින් ඡීනයට මෙවන් සම්බාධක පැනවීමේ තීරණයක් ගෙන තිබුණේ ටියෑන්වෙන් චතුරස්රයේ සිදුවීම මුල්කරගෙනයි.