වෙළෙද කලාපවල කොරෝනා පොකුරු අවදානමක් /වෘත්තීය සමිති කියයි

මෙරට වෙළෙද කලාපවල ආයතන ගණනාවක් තුල කොරෝනා පොකුරු නිර්මාණය වෙමින් පවතින බව වෙළෙද කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ගාමිණි රත්නයක මහතා පවසනවා.
අද ඔහු මාධ්‍ය වෙත කියා සිටියේ ආයතන සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව නොතකා හැර නිෂ්පාදන ඉලක්ක හමා යාම මෙම තත්ත්වයට හේතුව බවයි.

“මේ වනවිට වෙළෙඳ කලාපයේ ආයතන ගණනාවක වෙන වෙනම කොරෝනා පොකුරු නිර්මාණය වෙමින් තියෙනවා. ආයතන පරිපාලනයන් මේ සඳහා අවශ්‍ය සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නැති තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. ආණ්ඩුවත් මේ වගකීමෙන් නිදහස් වෙලා. ඒ නිසා ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුව අවධානය යොමුකළ යුතුයි. ආයතන පාලනාධිකාරියට මේ මොහොතේ අවශ්‍ය වෙලා තියෙන්නේ තමන්ගේ ඉලක්ක සම්පූර්ණ කරගන්න විතරයි. PCR කරලා වාර්තාව එනකම් එකට වැඩකරනවා. පොසිටිව් වුණාම අයින් කරනවා,

පුවත යවන්න