සිංහරාජ රක්ෂිතය තුළ කිසිඳු හෝටලයක් ඉදිනොවන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.
පෞද්ගලික ඇතැම් රූපවාහිනී නාලිකා මගින් සහ සමාජ මාධ්‍ය තුළින් ඒ සම්බන්ධව කෙරෙන චෝදනා පදනම් විරහිත බවයි,එම අධිකාරිය පෙන්වා දෙන්නේ.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පසුගියදා විකාශය වූ වැඩසටහනක දී සිසුවියක ප්‍රකාශ කළේ,සිංහරාජ රක්ෂිතයේ හෝටලයක් රක්වාන ප්‍රදේශය ආශ්‍රිතව ඉදිවන බවයි.
එමගින් පරිසර හානියක් සිදුවන බව ඇය ප්‍රකාශ කළා.
සිංහරාජ වනාන්තරයේ ගස් කපාදමා හෝටලයක් ඉදිකෙරෙන බවට ඇය ප්‍රකාශ කළ ස්ථානය රත්නපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අයත් බවයි මේ සම්බන්ධ සොයාබැලීම්වල දී අනාවරණ වී ඇත්තේ.
එය සිංහරාජ රක්ෂිතයේ කොටසක් නොවන බව ද එහිදී හෙළිවූ බව මෙම පැහැදිලි කිරීමේ දක්වා තිබුණා.
මෙම ස්ථානයේ හෝටලයක් ඉදිකෙරෙන බවට අදාළ සිසුවිය ප්‍රකාශ කළ ද මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ,නිවාස කිහිපයක් ඉදිකිරීමට පමණක් අවසර ලබාගෙන ඇති බවයි.
ඊට අදාළ නිවාසවල සැළසුම් ද ඉඩමේ හිමිකරුවන් මධ්‍යම පරිසර අධිකාරිය වෙත ඉදිරිපත් කර ඇති බව ද වැඩිදුරටත් පැහැදිලි කර තිබෙනවා.