ඇස්ට්‍ර සෙනෙකා එන්නත හා චෝදනා ගැන – ඇස්ට්‍ර සෙනෙකා සමාගමෙන් පිළිතුරු

ඇස්ට්‍ර සෙනෙකා එන්නත රටවල් කිහිපයක් විසින් භාවිතයෙන් ඉවත් කිරීම සම්බ්නධයෙන් ඇස්ට්‍රසෙනෙකා සමාගම මුල්වරට ප්‍රතිචාර පළ කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ තම එන්නත භාවිත කිරීමෙන් ගේ කැටි ගැසීමේ අවදානමක් පවතින බවට සිදුකර ඇති චෝදනා හා පනවා ඇති සීමා පදනම් විරහිත බවයි.
මේ දක්වා යුරෝපයේ , මිලියන 17 ක පිරිසකට ලබාදුන් ඇස්ට්‍රසෙනෙකා එන්නත් ප්‍රමාණය හා සසදා බැලීමේදී ලේ කැටි ගැසීමේ අවදානමක් පිළිබද කිසිදු සාක්ෂියක් හමු නොවූ බවයි සමාගම පවසන්නේ.
වයස් කාණ්ඩ අනුව හෝ රෝගාබාධ අනුව පවා එවන් අවදානමක් පිළිබද සාධක නොමැති බවයි ඇස්ට්‍රසෙනෙකා සමාගම පෙන්වා දෙන්නේ.
මේ යටතේ එන්නත පිළිබද යලි සළකා බැලීමක් සිදු නොකරන බව ද නිවේදනය කර තිබුණා.
මේ වන විටත් යුරෝපා රටවල් 4ක් එන්නත සම්බන්ධ සීමා පනවා තිබෙනවා.
ඒ තම රටවල එන්නත භාවිතයෙන් පසු මතුවූ ගැටළු පදනම් කරගෙනයි.
කෙසේ වෙතත් සාධාරණ සාධක රහිතව එවන් සීමා පැනවීම එන්නත්කරණ්‍ය අධෛර්්‍යයමත් කරන හේතුවක් බවයි සමාගම පෙන්වා දෙන්නේ.

පුවත යවන්න