යුරෝපයේ ප්‍රධානතම රටවල් වන ජර්මනිය , ප්‍රංශය හා ඉතාලිය ද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොරෝනා මර්ධන එන්නත ලබාදීම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේ එන්නත ලබාදීමෙන් පසු මතුවිය හැකි ලේ කැටි ගැසීමේ හා ඒ ආශ්රිත මරණ වර්ධනය වීමේ අවධානමක් මත මෙම පියවර ගෙන ඇති බවයි.
මේ සමග එම එන්නත තාවකාලිකව නවතා ඇති යුරෝපා රටවල් ගණන 7ක් බවට පත්ව තිබෙනවා.
මීට පෙර බෙල්ජියම , ඩෙන්මාර්කය, නෝර්වේ ඇතුලු රටවල් කිහිපයක්ද එම එන්නත තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.
එම රටවල් පෙන්වා දී තිබුණේ එන්නත හරහා මතුවන අවදානම් තත්ත්වයන් පිළිබද ප්‍රමාණවත් මට්ටමේ දත්ත පවතින බවයි.
කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ, මේ බව තහවුරු කිරීමට අදාළ ප්රශස්ත මට්ටමේ සාධක නොපවතින බවයි.
මේ මොහොතේ දී කොරෝනා අවදානම අවම කිරීම සඳහා එන්නත වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවයි එමගින් පෙන්වා දී තිබුණේ.
මේ අතර ඇස්ට්‍රාසෙනෙකා සමාගමද මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණා.
එම සමාගම පවසන්නේ එන්නත මගින් අවදානමක් මතුවන බවට කිසිදු සාධකයක් නොමැති බවයි.