කොළඹ වරායේ බටහිර පර්යන්තය ගොඩනැගීම සඳහා අවස්ථාව ලබාදීම පිළිබඳව ඉන්දියාවේ අදානී සමාගමේ හිමිකරු ගෞතම් අධානී මහතා ශ්‍රී ලංකා රජයට ස්තුතිය පළ කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
අදානි පෝර්ට්ස් වෙබ් අඩවිය හරහා නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දී ඇත්තේ එහි සියයට 51ක කොටස් හිමිකර ගැනීමට බලාපොරොත්තු වන බවයි.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ඊට අදාළ අභිප්‍රාය ලිපිය තම සමාගම වෙත යොමුකර ඇති බව අදානි ව්‍යාපාර සමූහය පවසනවා.
ඒ අනුව ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ එක්ව බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවයි අදානි ව්‍යාපාර සමූහය පෙන්වා දෙන්නේ.
Grateful to the leaders of GoI, GoSL, SLPA & John Keells for the opportunity to build WCT, Colombo. This partnership is a symbol of the deep strategic relations between countries with great intertwined history. It will launch decades of container growth. https://t.co/YehqutSwcp
— Gautam Adani (@gautam_adani) March 15, 2021