ඉන්දියාවේ නිෂ්පාදනය කරන ඇස්ට්‍රසෙනෙකා එන්නත අඛණ්ඩව භාවිත කරන බව බ්‍රිතාන්‍යය අගමැති බොරිස් ජොන්සන් පවසනවා.
විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පැවසුවේ එම එන්නත හානිකර බවට කිසිදු සාධකයක් හමුව නොමැති බවයි.
ඒ අනුව අමෙරිකාව, බ්‍රිතාන්‍යය හා ඉන්දියාව තවදුරටත් එම එන්නත භාවිත කරන බවයි බ්‍රිතාන්‍ය අගමැතිවරයා පැවසුවේ.
මේ වන විට කොරෝනා වසංගතය හේතුවෙන් , ලෝකයේ ලක්ෂ 26ක් මරණයට පත්ව තිබෙනවා.
එම අවදානම අවම කිරීම සදහා දැනටමත් ඇස්ට්‍රසෙනෙකා එන්නත දැවැන්ත මෙහෙයක් ඉටු කර ඇති බවයි බොරිස් ජොන්සන් පවසන්නේ.
මේ වන විට කොරෝනා එන්නත් මිලියන 11ක් බ්‍රිතාන්‍යයේ භාවිත කළද ඉන් කිසිදු අහිතකර තත්ත්වයක් මතු නොවූ බවයි අවධාරණය කර ඇත්තේ.
ඒ අනුව යුරෝපයේ ඇස්ට්‍රසෙනෙකා සීමා කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය අවධානය යොමු නොකරන බවයි දැනුම්දී ඇත්තේ.