කොළඹ වරායේ බටහිර බහලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ අදානි සමූහයට ලබාදීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බව වරාය අධිකාරියේ වෘත්තිය සමිති පවසනවා.
මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශව දැනුවත් කර ඇති බවයි වෘත්තීය සමිති කිහිපයක් පවසන්නේ.
මේ අතර කොළඹ වරායේ බටහිර බහලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා එක්වන බව ඉන්දියාවේ අදානි සමූහය අද නිල වශයෙන් නිවේදනය කළා.
ඒ අනුව බටහිර බහලුම් පර්යන්තයේ සියයට 51ක කොටස් තමන් හිමි කර ගන්නා බවත්,ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සහ වරාය අධිකාරිය සමඟ එක්ව එය සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවත් අදානි සමූහය ප්‍රකාශ කර තිබුණා.
අදානි සමූහය වෙත බටහිර පර්යන්තයේ සියයට 51ක කොටස් හිමි වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලද අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පිළිගෙන තිබුණා.