බටහිර මාධ්‍යවේදීන් චීනයට යාමට අකමැත්තෙන් / වාර්තාවක් කියයි

බටහිර රටවල මාධ්‍යවේදීන් චීනය තුල සේවය සඳහා යාමට දැඩි අකමැත්තක් දක්වන බව ජස්ට් ඩයල් වාර්තා මගින් අනාවරණ කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ ආසන්න මාස කිහිලය තුල විදෙස් මාධ්‍යවේදීන් රැසක්ම විසින් විවධ චෝදනා මත රදවා ගැනීම මෙම තත්ත්වයට හේතුවක් බවයි.
සීජීටීඑන් රාජ්‍ය මාධ්‍ය නාලිකාවේ සේවය කළ චීන- ඕස්ට්‍රේලියානු සම්භවයක් සහිත මාධ්‍යවේදිනී චෙං ලී ද කුමන්ත්‍රණ චෝදනා මත රදවා ගෙන තිබුණා.
ඒ චීන ඕස්ට්‍රේලියානු වෙළද අර්ුධය උත්සන්න වූ අවස්ථාව තුලයි.
තවත් කැනේඩියානු මාධයවේදීන් දෙදෙනකු ද ඉකුත් මාසයේදී අත්අඩංගුවට ගැණුනා.
කෙසේ වෙතත් චීනය පවසන්නේ මාධ්‍යවේදීන්ට හිරිහැර සිදුකරන බවට එල්ලවන චෝදනා පදනම් විරහිත බවයි.

පුවත යවන්න