කොරෝනා අවදානම වර්ධනයවීම වැලැක්වීම සඳහා ගත හැකි සියළු පියවර ගන්නැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එරට ප්‍රන්ත මහ ඇමතිවරුන්ට දැනුම්දී තිබෙනවා.
ඒ කොරෝනා වසංගතය නව අවදානමක් ලෙස එරට තුල වර්ධනයවීම සමගයි.
ඒ අනුව වැඩි වේගයකින් වෛරසය ව්‍යාප්ත වන මහාරාෂ්ට ප්‍රාන්තයේ එන්නත්කරණ හා ආරක්ෂිත පියවර වර්ධනයට උපදෙස් ලබාදී තිබෙනවා.
නව කොරෝනා රැල්ල තුල ඉන්දියාවේ දෛිනක ආසාදිතයන් 40,000 ක් ඉක්මවා තිබෙනවා.
ඒ අනුව ඉදිරි සමය අවදානම් වන බවටයි අනතුරු ඇඟවෙන්නේ.