ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ ශ්‍රී ලංකාව සම්බන්ධ ජන්ද විමසීමේදී මෙරටට එරෙහි වන්නැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට ඉල්ලීමක් ඉදිරිපත්ව තිබෙනවා.
ඒ බී ජේ පී පක්ෂයේ තමිල්නාඩු සන්ධානයේ ප්‍රධානියා වන ඩී එම් කේ පක්ෂ නායක එම් කේ ස්ටාර්ලින් විසිනුයි.
ශ්‍රී ලංකාවට පක්ෂපාතීව මෙවර මානව හිමිකම් සැසිවාරයේදී ඉන්දියාව කටයුතු නොකළ යුතු බවට තමන් අවධාරණය කළ බවයි ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.
කෙසේ වෙතත් විදේශ ලේකම් ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ , ඉන්දියාව මෙවර සැසිවාරයේදී ලංකාවට පක්ෂ වනු ඇති බවයි.
කෙසේ වෙතත් ඉන්දියාවේ අවසන් ස්ථාවරය මෙතෙක් ප්‍රකාශයට පත්ව නැහැ.