වසර 100 කට පසු ඔස්ටේ්‍රලියාවට බලපෑ බිහිසුණුම ගංවතුර තත්ත්වය

ඔස්ටේ්‍රලියාවේ , නිරිත දිග කලාපයට බලපා ඇති ගංවතුර තත්ත්වය ගතවූ වසර 100 තුල හටගත් බරපතලම ගංවතුර තත්ත්වය බව ප්‍රංශ පුවත් සේවය පවසනවා.
මේ හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා.
පාසල් 200 ක් වසා දමා ඇති බවයි එම වාර්තා පවසන්නේ.
ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටි පුද්ගලයන් 8700 ක් හදිසි ඇමතුම් මගින් ලද තොරතුරු මත බේරාගෙන තිබෙනවා.
1961 වසරෙන් පසු එම කලාපයේ ගංගාවල ඉහළම ජල මට්ටම මේ වන විට ඉක්මවා ගොස් ඇති බවද ප්‍රංශ පුවත් සේවය අනාවරණ කළා.

පුවත යවන්න