ඛේකරි නිෂ්පාදන ඉහළ යන ලකුණු – පාන් මිල වැට උඩ

පාන් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව සමස්ත ලංකා ඛේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන් කේ ජයවර්ධන මහතා පැවසුවේ ඉදිරි සති දෙක තුළ ඛේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බවයි.

ඛේකරි නිෂ්පාදන සදහා යොදා ගනු ලබන සීනි ඇතුළු අමුද්‍රව්‍ය කිහිපයක මිල ඉහළ යාම හේතුවෙන් මෙලෙස ඛේකරි නිෂ්පාදනවල මිල ද ඉහළ දැමීමට සිදුවනු ඇති බවයි ඔහු පැවසුවේ.

මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී රජය සමග සාකච්ඡා කළ ද විසදුමක් නොලැබුණු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පුවත යවන්න