පිලීපනය හා ඉන්දියාව අතර සබදතා තරවීම සම්බන්ධයෙන් චීනයේ සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත්පත විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා.
විශේෂ ලිපියක් මගින් එම පුවත්පත පෙන්වා දෙන්නේ, ඉන්දියාවෙන් ලෝකයේ වේගවත්ම කෲස් මිසයිල මිලදී ගැනීම මෙන්ම කොරෝනා එන්නත් මිලදී ගැනීම හරහා ද පිළිපීනය ඉන්දියාවට සමීප වන බවට සාධක පවතින බවයි.
එය චීනයේ ආරක්ෂාව සම්බ්නදයෙන් බලපාන සාධකයක් විය හැකි බවටද එම වාර්තාව පෙන්වා දෙනවා.
දකුණු චීන මුහුදේ පිලිපීන හා චීන අර්බුධය හේතුවෙන් පිලිපීනය අමෙරිකාව සමග ආරක්ෂක සහයෝගීතාවය වර්ධනය කරගෙන තිබුණා.
ඉදිරියේදී ඉන්දු – පිලිපීන ආරක්ෂක සහයෝගීතාවය ද වර්ධනය විය හැකි බවයි මෙම වාර්තාව අනතුරු අඟවන්නේ.