අවුන්සාන් සුචීගේ පක්ෂ මූලස්ථානයට දුම් බෝම්බ ප්‍රහාරයක්

මියන්මාරයේ අගනුවර පිහිටි අවුන් සාන් සූචීගේ පක්ෂ මූලස්ථානයට දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
අද අළුයම ප්‍රහාරය එල්ල වූ බවයි මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය පවසන්නේ.
පෙබරවාරි 1 වනදා හමුදා කුමන්ත්‍රණයෙන් පසු අවුන්සාන් සුකී ප්‍රමඛ එම පක්ෂ ප්‍රධානීන් නිවාස අඩස්සියේ රදවා තිබෙනවා.
කෙසේ වෙතත් පක්ෂ මූලස්ථානය හරහා හමුදා පාලනයට එරෙහි පියවර ගනිමින් පවතින අතරතුරයි ප්‍රහාරය එල්ලවී ඇත්තේ.
මේ සමග එහි ගින්නක් හෙටගෙන තිබූ අතර පැයකින් පමණ එය නිවා දමා තිබෙනවා.

පුවත යවන්න