සූවස් ඇළ මාර්ගයේ සිරව ඇති නෞකාව හේතුවෙන් එහි අවහිරව පවතින නෞකා 10ක දස දහස් සංඛ්‍යාත සතුන් රදවා ඇති බව අනාවරණ වී තිබෙනවා.
බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසන්නේ මෙම නෞකා තුල රදවා ඇති බැටළුවන් ගණන ලක්ෂයක් පමණ විය හැකි බවයි.
මේ වන විට සූවස් ඇළ මාර්ගයේ නෞකා 160ක් පමණ ඉදිරියට හෝ පසුපසට යාමට නොහැකිව රැදී පවතිනවා.
ඒ අනුව තවත් දින 3කට වඩා මෙම නෞකාවල රදවා ඇති සතුන්ට ආහාර නොමැති බවයි අනාවරණ කර ඇත්තේ.
කෙසේ වෙතත් මෙම සතුන්ට අවශ්‍ය ආහාර බාහිරින් ලබාගත හැකි වුවද එම සතුන්ට නෞකා තුල වැඩි දින ගණනක් ජීවත්විය නොහැකි බවටද අනතුරු අඟවා තිබෙනවා.
ඒ නෞකා තුල පරිසරය දීර්ඝ දින ගණනාවක් වෙනුවෙන් එම සතුන්ට ඔරොත්තු නොදීම මතයි.
ඉදිරි සතිය තුල සූවස් ඇළ මාර්ගය විවෘත කර නොගතහොත් මෙම ව්‍යසනය වර්ධනය විය හැකි බවටයි අනතුරු ඇඟවෙන්නේ.