සූවස් ඇළෙහි අනතුරට පත්ව ඇති ‘එවර් ගිවන්’ නෞකාව හේතුවෙන් මෙරට ගෑස් මිලෙහි ඉහළ යෑමක් සිදුවිය හැකි බවට ආණ්ඩුව විසින් ගෙනයන ප්රචාරය අසත්යක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
ඔහු කියා සිටියේ මේ මොහොතේ මෙරට ගෑස් මිල හා සූවස් ඇළ අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
“අපේ දේශපාලකයෝ කියනවා අපේ ගෑස් මිල ඉහළ යයි මෙන්න මේ නැව හිරවෙලා තියෙන නිසා කියලා. මේ දෙක අතර කිසිම සම්බන්ධතාවයක් නෑ. බන්දුල ඇමතිතුමා කියනවා අවුරුදු ගාණකට ගෑස් මිල වැඩිකරලා නෑ, ගෑස් සමාගම් කියනවා ඔවුන් බංකොළොත් වෙයි, ගෑස් මිල වැඩිකළේ නැත්නම් කියලා. භාණ්ඩවල මිල ඉහළ පහළ දාන්න දේශපාලකයෝ මැදිහත් වෙන්න නරකයි. මේ සූවස් ඇළෙ ප්රශ්නය දාලා ගෑස් මිල වැඩිකරනවා කියලා ඒකට හේතුව මේකයි කියලා නිකං විහිළු කතා නම් කියන්න එන්න එපා.”