චීන ධීවරයන් 13 ක් තායිවාන අත්අඩංගුවට

තායිවාන වෙරළාරක්ෂක ඒකකය විසින් චීන ධීවරයන් 13 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ තම මුහුදු සීමාවේ අනවසරයෙන් රැදී සිටි බවට චෝදනා කරමිනුයි.
තායිවාන දූපත්වලට කිලෝමීටර 14ක් දක්වා ආසන්න මුහුදේ චීන ධීවරයන් රැදී සිටි බවට චෝදනා එල්ල වනවා.
ඔවුන් සතුව මත්ස්‍ය කිලෝ 2,000 ක අස්වැන්නක් ද පැවැති බවයි අනාවරණ කර ඇත්තේ.
කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් චීනය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.
තායිවානය චීනයේ භූමියක් බවට චීනය තර්ක කරන අතර තායිවානය පෙන්වා දෙන්නේ තමන් ස්වෛරී රටක් බවයි.

පුවත යවන්න