මියන්මාරයේ සිවිල් යුධ තත්ත්වයක් හටගැනීමේ අවදානමක් මතුව තිබෙනවා.
ඒ මියන්මාර පාලන බලය අල්ලාගෙන සිටින හමුදා විසින් එරට දේශසීමාව හා තායිලන්ත සීමාවේ පිහිටි ගම්මානයකට ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීම සමගයි.
එරට කැරලිකාර කණ්ඩායමක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල කළ බවයි මියන්මාර හමුදාව සදහන් කළේ.
මේ සමග එම ගම්මානයේ රැදී සිටි 10,000 ක පමණ පිරිසක් පලාගොස් තිබෙනවා.
කැරලිකාර කණ්ඩායම්වලට සම්බන්ධ 10 දෙනකු මෙහිදී මිය ගිය බවයි මියන්මාර හමුදාව පවසන්නේ.
මෙම තත්ත්වය පිළිබද ජාත්‍යන්තරයේ දැඩි අවදානයක් යොමුව තිබෙනවා.
මෙම ගුවන් ප්‍රහාර සඳහා ප්‍රහාරක ජෙට් යානා භාවිත කර තිබුණා.
ඊට පෙර දිනයේ මියන්මාර ආරක්ෂක අංශය හා ජනතාව අතර ගැටුම්වලින් 114 දෙනකු මියයාමෙන් පසුවයි මෙම ගුවන් ප්‍රහාරය එල්ල කර තිබුණේ.