ලෝකයේ විශාලතම දම් හා රෝස පැවැති දියමන්තිය වෙන්දේසි කිරීමට තීරණය කර තිබෙනවා.
ඉන්දියාවේ පී ටී අයි පුවත් සේවය වාර්තා කළේ , කැරට් 15.81 ක අගයකින් යුතු මෙම දම් – රෝස දියමන්තිය අභ්‍යන්තරයේ කිසිදු පිපිරුමකින් හෝ කඩතොළුවලින් ද තොර බවයි.
ලෝකයෙන් හමුව ඇති දම් – රෝස දියමන්තිවලින් සියයට 90ක්ම කැරට් 5 වඩා අඩු අගයන්ගෙන් යුක්ත වන අතර මෙවන් වටිනාකමකින් යුතු එම වර්ගයේ දියමන්ති ඉතා දුර්ලභ වනවා.
මෙය ඩොලර් මිලියන 38 අගයක සිට වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.
මැයි 25 වනදා හොංකොං හී දී එම වෙන්දේසිය පැවැත්වෙනවා.
සකුරා ඩයමන්ඩ් ලෙස නම් කර ඇති මෙම දුර්ලභ දියමන්තිය ඉහළ මිලකට අලෙවි වනු ඇති බවටයි විශ්වාසය පලවන්නේ.