ඉන්දු පකිස්ථාන කාශ්මීරයේ කලාකරුවන් වේදිකා නාට්‍ය කලාව වෙනුවෙන් ඇති අයිතිය තහවුරු කරන්නැයි දෙරටින්ම ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ ලෝක වේදිකා නාට්‍ය දිනය වෙනුවෙන් විරෝධතාවයක නිරත වෙමිනුයි.
1990 දශකයේ හටගත් අර්බුධකාරී තත්ත්වයන්ගෙන් පසුව කාශ්මීරයේ නාට්‍ය කලාව තර්ජනයකට ලක්ව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ඒ නාට්‍ය ශාලා වසා දැමීමේ නියෝග පැනවීම සමගයි.
ඒ අනුව තමන්ගේ තරුණවිය තුල කලාවේ අයිතිවාසිකම් අහිමි කළද වත්මන් තරුණ පරපුරට හෝ එම අයිතිය ලබාදෙන ලෙස මෙහිදී ඉල්ලීම් ඉදිරිපත්ව තිබෙනවා.