අමෙරිකානු – මෙක්සිකානු දේශසීමාවේ පිහිටි ට්රම්ප් වෝල් ලෙස හඳුන්වන ප්රාකාරයෙන් අමෙරිකාව දෙසට දරුවන් දෙදෙනකු අතහැර දමා ගොස් තිබෙනවා.
විශේෂ වීඩියෝවක් නිකුත් කරමින් අමෙරිකානු බලධාරීන් පැවසුවේ අඩි 14ක් උස මෙම ප්රාකාරයේ ඉහළ සිට මෙක්සිකොව දෙසින් අමෙරිකානු සීමාව තුලට මෙම දරුවන් අතහැර දමා ඇති බවයි.
එම දරුවන් ඉක්වදෝර ජාතිකයන් බවයි හෙලිව ඇත්තේ.
මෙම දරුවන් ප්රාකාරයෙන් අතහැර දැමූ පුද්ගලයා පලා යන ආකාරය ද දර්ශන තුල පටිගතව තිබෙනවා.
සිද්ධියෙන් තුවාල ලැබූ කුඩා දරුවන් දෙදෙනා රෝහල් ගත කර ඇති බවයි බී බී සී පුවත් සේවය සදහන් කළේ.
සරණාගතයන් ලෙස අමෙරිකාවට පැමිණීමට තැත් කළ ද ට්රම්ප් වෝල් හරහා පිවිසීම අපහසුවීම හේතුවෙන් මෙසේ දරුවන් අතහැර දමා ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.