ඉන්දියානු – පකිස්ථාන මායිමේ පිහිටන කාශ්මීරය ලෝකයේ අවදානම් සහගත කලාපයක් වනවා.
ඒ ඕනෑම මොහොතක ත්රස්ත ප්රහාරයක් හෝ ගැටුමක් හට ගැනීමේ අවදානම මැදයි.
කෙසේ වෙතත් ඉන්දු – පකිස්ථාන නව සාම වැඩපිලිවෙලේ සාකච්ජා අනුව , මේ වන විට කාශ්මීරයට ස්ථිර සාමයක් උදාවන තත්ත්වයක් ද මතුවෙමින් පවතිනවා.
මේ අතරතුර කාශ්මීරයේ සුන්දරත්වය ලොවට පෙන්නුම් කරමින් දැවැන්ත ටියුලිප් මල් යායක් කාශ්මීරයේ පැතිර ඇති බවයි ඉන්දියාවේ ටයිම්ස් නව් වෙබ් අඩවිය වාර්තා කළේ.
අක්කර 35ක භූමියක් වසා ගනිමින් මෙම දැවැන්ත මල් යාය පැතිර ගොස් තිබෙනවා.
ඒ අනුව සුන්දර භූමියක් වන කාශ්මීරයේ ගිනි පුපුරු වසා ගනිමින් මෙම සුන්දරත්වය නැරඹීමට දිනපතා 50,000 ක පිරිසක් පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.
මෙම ස්ථානයේ ටියුලිප් මල් ලක්ෂ 15ක් පිපී ඇතැයි ද එම වාර්තා සදහන් කළා.
කාශ්මීරයට සුන්දර සාමයක් හිමිවුවහොත් ඉන්දු පකිස්තාන කාශ්මීර කලාප ලෝකයේ ආකර්ෂණයට ලක්වනු ඇති බවයි මෙම වාර්තාවේ දැක්වෙන්නේ.