එම් වී එවර් ගිවන් නෞකාව සිරවීම සමග සූවස් ඇළ මාර්ගයේ පිවිසුමේ නිර්මාණය වූ අවහිරය අද දිනය වන විට සම්පූරණයෙන් නිමාවූ බව , සූවස් ඇළ පාලන අධිකාරිය පවසනවා.
ඒ අනුව සූවස් ඇළ ආශ්රිතව සිරවූ නෞකා 369 හා ඉන් පසු එහි ළගාවූ නෞකාවන් හේතුවෙන් පැවැති පිවිසුම් ප්රමාදය මේ වන විට සම්පූරණයෙන්ම නිමාවට පත්ව තිබෙනවා.
මේ වන විට සූවස් ඇළ හරහා යාත්රා කිරීමට කාලය වෙන් කර ගත් නෞකාවන්ට කිසිදු ප්රමාදයකින් තොරව ඒ හරහා යාත්රා කළ හැකි බවද අද නිවේදනය කෙරුණා.
ලෝකයේ ප්රධානතම නාවික මාර්ගයක් වන සූවස් ඇළ දින 6ක අවහිරයකට ලක්වූයේ එවර් ගිවන් නෞකාව එහි සිරවීම සමගයි.
එම අවහිරය අවසන් කිරීම සඳහා දැරූ වෑයම ලෝකයේ දැඩි අවධානයක් දිනාගත්තා.