මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් කන්ටේනර් 95ක් ප්‍රති අපනයනයට උපදෙස් දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනවා.
ඒ, පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා මෙරටට ගෙන්වන ලද කන්ටේනර් පරික්ෂා කිරීමෙන් අනතුරුවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ අදාළ කාලසීමාව තුළ කන්ටේනර් 1000ක් පමණ මෙරටට ආනයනය කර තිබූ බවයි.
ඒ පිලිපීනය, මලයාසියාව, ඉන්දුනිසියාව ඇතුළු රටවල් කිහිපයකින්.
දැනට මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් මෙරට වෙළෙඳපොළ තුළ ඇද්දැයි යන්න විමර්ශන ආරම්භ කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
අමාත්‍යාංශය පැවසුවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් පොල්තෙල් සාම්පල ලබාගෙන ඒවා රසායනාගාර වෙත යොමු කරමින් ඇති බවයි.
මේ අතර වෙළෙඳපොළේ නිසි ප්‍රමිතියෙන් තොර පොල්තෙල් මෙතෙක් කරන ලද පරීක්ෂණවලින් හඳුනා ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.
මේ අතර මෙරටට ආනයනය කරන ආහාර ද්‍රව්‍ය, ආනයනකරුවන්ගේ පෞද්ගලික ගුදම් වෙත යැවීම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
රේගු අධ්යක්ෂ ජනරාල් , විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා පැවසුවේ එම ආනයනික ආහාර ද්‍රව්‍යය සිය ගුදම් මධ්‍යස්ථානවල රඳවා තබා ගැනීමට තීරණය කළ බවයි.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තත්ත්ව සහතිකය නිකුත් වූ පසු ඒවා ආනයනයකරුවන්ට නිදහස් කිරීමට පියවර ගන්නා බවයි රේගුව පැවසුවේ.
රේගු අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ අදාළ තත්ත්ව සහතික දින 2ක් වැනි කෙටි කාලයක් තුළ ලබා දෙන්නැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ඉල්ලා ඇති බවයි.
මීට පෙර මෙරටට ආනයනය කරන ආහාර ද්‍රව්‍ය සිය පෞද්ගලික ගුදම්වල තබා ගැනීමට ආනයනයකරුවන්ට අවසර හිමිව තිබුණා.
ඒ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තත්ත්වය සහතිකය නිකුත් වූ පසු පමණක් වෙළෙඳපොළට මුදා හරින බවට වන කොන්දේසිය යටතේයි.