ජපාන අගමැති යෝෂිඩේ සුගා ඉන්දියාවේ හා පිළිපීනයේ විශේෂ සංචාරයක නිරතවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අප්‍රේල් මස අවසානයේ හා මැයි මස මුල් දිනවල මෙම සංචාරය සිදුකරන බවයි ජපාන රජය පවසන්නේ.
ආසියාතික කලාපයේ වර්ධනය වන නව තත්ත්වයන් හා උපාය මාර්ගික පියවර පිළිබද මෙම සාකච්ජාවලදී අවධානය යොමු කිරීමට නියමිතයි.
මෙම සංචාරවලදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හා පිලිපීන ජනපති රොඩ්රිගු ධුතර්තේ සමග ජපාන අගමැතිවරයා සාකච්ජා පැවැත්වීමට නියමිතයි.