පළාත් සභා මැතිවරණය එපා / සංඝ සභා කිහිපයක නාහිමිවරු ජනපතිට, අගමැතිට ලියයි

පළාත් සභා මැතිවරණය ‍පැවැත්වීමට රජය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වහාම නතර කරන ලෙස සංඝ සභා කිහිපයක ඉහළම ධුර හොබවන නා හිමිවරුන් 14 නමක් ජනපතිවරයා සහ අගමැතිවරයා වෙත විවෘත සන්දේශයක් ඉදිරිපත් කරමින් දැනුම් දී තිබෙනවා.

ඉන් පෙන්වා දෙන්නේ රජයේ එම තීරණය ජනතා මතයට පටහැනි බවයි.

“මහ මැතිවරණයේදී ජනතාවට දුන් පොරොන්දුව අනුව පත්කරන ලද නව ආණ්ඩුකම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පත්කරනු ලැබ ඇති විශේෂ විද්වත් කමිටුවේ නිර්දේශ ලැබෙන්නට පෙරාතුව පළාත් සභා ඡන්දය පැවැත්වීමට කැබිනට් මණ්ඩලය අදූරදර්ශීව ගෙන ඇති තීරණය දේශයේ ගමන්මග නිවැරදි කිරීමට ඇති අගනා අවස්ථාවක් පැහැර හැරීමක් බව මෙහිලා සඳහන් කළ යුතුය.”

“පළාත් සභා මැතිවරණයක් පවත්වා පළාත් සභා නැවත ස්ථාපනය කළහොත් 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව කටයුතු කිරීමට රජය බැඳී සිටිනු ඇත.”

“මහමැතිවරණයේදී ජනතාව ඉදිරියෙහි අවධාරණය කළ, ජනතාවද අපේක්ෂා කළ වැදගත් ප්‍රතිඥාවක් වසරක් වැනි කෙටි කාලයක් තුළ රජය අමතක කිරීම කනගාටුදායකය.”

“පළාත් සභා මැතිවරණය නොපවත්වන ලෙස මීට මාස කිහිපයකට පෙර මහා සංඝරත්නය දූරදර්ශීව විශ්ලේෂණාත්මකව විද්වත් කථිතාවකින් ඉදිරිපත් කළ යෝජනාවද නොසලකා ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය කරමින් හදිසියේ මේ කරන්නට යන දේශද්‍රෝහී ක්‍රියාව වහා නතර කරන ලෙස රජයටත් රට වැසි මහජනතාවටත් රටටත් හිතාධ්‍යශය ඇතිව තරයේ දන්වා සිටිමු,”

පුවත යවන්න