ආරක්ෂක හමුදාවන්ට අපහාස කරන පුද්ගලයන්ට එරෙහිව පියවර ගත හැකි පරිදි නව නීති හඳුන්වා දීමට පකිස්ථාන රජය තීරණය කර තිබෙනවා.
අයි බී එන් එස් පුවත් සේවය වාර්තා කළේ , එරට විපක්ෂය විසින් හමුදා විවේචනය කිරීම වර්ධනය වීම ද මෙම නියමය හදුන්වාදීමට මුල්ව ඇති බවයි.
පකිස්ථාන විපක්ෂය මර්ධනය සඳහා එරට රජය හමුදාව භාවිත කරන බවටයි විපක්ෂය චෝදනා නගන්නේ.
පසුගියදා හිටපු අගමැති නවාෂ් ෂරීෆ් මහතා ද සිය දියණිය වන මාරියම් ෂරීෆ් හමුදා තර්ජනවලට ලක්ව ඇතැයි චෝදනා කළා.
කෙසේ වෙතත් පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ අදාළ චෝදනා අසත්‍ය බවයි.