පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සියලු සැකකරුවන්ට දඩුවම් දී ඔවුන්ගේ සියලු දේපොළ රාජසන්තක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා.
දේපොළ එලෙස රාජසන්තක කර උපයාගන්නා මුදලින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට වන්දි ගෙවීමට සළකා බලන බවද ඇමැතිවරයා සඳහන් කළේ.
පාස්කු කොමිෂන් සභා වාර්තාව පිළිබද විවාදයේ පිලිතුරු කතාව කරමින් ඔහු එසේ සඳහන් කළා.
කුමන තරාතිරමක අය වූවද ඒ පිලිබදව සොයා වරදකරුවන්ට දඩුවම් කිරීම කුමන අභියෝග පැමිණියත් අකුරටම ඉටු කරන බව පැවසූ අමාත්‍යවරයා ප්‍රහාරයේ සැකකරුවන්ට විරුද්ධව නීතිපතිවරයා ඉතා කෙටි කාලයකින් නඩුපවරනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් කියාසිටියා.