දකුණු අප්‍රිකානු කොරෝනා ප්‍රභේදයට ෆයිසර් එන්නත අසාර්ථකයි

කුණු අප්‍රිකාවේ සොයාගත් කොරෝනා වයිරස් ප්‍රභේදයට ෆයිසර් / බයෝටෙක්  එන්නත පරාජය කළ හැකි බව , ඊශ්‍රායල පර්යේෂණ කණ්ඩායමක් මගින් අනාවරණ කර තිබෙනවා.
පුද්ගලයින් 400 කට ආසන්න සංඛ්‍යාවක් භාවිත කරමින් සිදුකළ අධ්‍යයනයකදී හෙළිව ඇත්තේ එන්නත් ලබාගත් පසු දකුණු අප්‍රිකානු ප්‍රභේදය වැළඳුණු පිරිස ෆයිසර් එන්නත ලබාගත් අය බවයි.
වෙනත් කොරෝනා ප්‍රභේද වැලැක්වීමට ෆයිසර් එන්නත සමත්ව තිබුණද දකුණු අප්‍රිකානු ප්‍රභේදයට එරෙහිව එය දුර්වල බවක් පෙන්වන බවයි මෙම අධ්‍යයනය පවසන්නේ.
ටෙල් අවිව් විශ්ව විද්‍යාලය සහ ඊශ්‍රායලයේ විශාලතම සෞඛ්‍ය සේවා සැපයුම්කරු වන ක්ලැලිට් විසින් කරන ලද අධ්‍යයනයකදී මෙම දත්ත අනාවරණ කෙරුණා.
හඳුනා නොගත් ආසාදිතයන්ට සාපේක්ෂව දෙවන මාත්‍රාවකින් ෆයිසර් එන්නත් කරන ලද පුද්ගලයින් අතර දකුණු අප්‍රිකානු ප්‍රභේදයේ අසමාන ලෙස ඉහළ අනුපාතයක් පෙන්නුම් කරන බවයි ඔවුන් පවසන්නේ.

පුවත යවන්න