පකිස්ථානයේ සමස්ථ ජාතික ආදායමෙන් හරි අඩක් එරට සියයට 20ක පිරිසක් අතට පත් වන බව අනාවරණවී තිබෙනවා.
අල් අරාබියා වෙබ් අඩවිය වාර්තා කළේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ වාර්තා අනුව මෙය හෙළිවූ බවයි.
පකිස්ථානයේ සමස්ථ ආදායමෙන් සියයට 35ක් පුද්ගලයන් සියයට 10ක පමණ සුළුතරයක් අතට පත්වන බවද මෙම වාර්තා අනාවරණ කළා.
මෙය බරපතල මට්ටමේ ආදායම් බෙදී යාමේ විෂමතාවයක් බවයි එම වාර්තා පවසන්නේ.
පකිස්ථානයේ දිළිදු භාවය මැඩලීම සඳහා මෙය බාධාවක් බවද එම වාර්තා ප්රකාශ කළා.