කොරෝනා වෛරස ආසාදිතයින් 182 දෙනෙකු අද (12) මේ දක්වා හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා..
ඒ අනුව කොරෝනා ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 95,313ක්.
මේ අතර, අද දිනයේ කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයන් 144දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළා.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 91,755ක්.