ජනතාව වගකීම් විරහිතව හැසිරීම හේතුවෙන් අලුත් අවුරුදු සමයෙන් පසු කොරෝනා අවදානම උත්සන්න විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ , පුද්ගලයන්ගේ ඒකරාශීවීම් බහුල තත්ත්වයන් මේ වන විට වර්ධනය වෙමින් පවතින බවයි.
ප්‍රධාන නගරවල සාප්පු සවාරි මෙන්ම, පුද්ගලයන් 1,000කට වඩා සහභාගීවන විවිධ ඉසව් රට පුරා සංවිධානය කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මෙම වගකීම් විරහිත හැසිරීම් අනුව කොරෝනා අවදානම උත්සන්නවීම මෙන්ම, මෙවන් ඉසව් සඳහා සම්බන්ධ වන්නන්ට නිරෝධායනයට ලක්වීමට සිදුවනු ඇතැයි ද ඔහු කියා සිටියා.
ඒ අනුව හැකිතාක් සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත් එසේ නොවන්නේ නම් ඉදිරිය අවදානම් විය හැකි බවත් උපුල් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කළා.