චීනයේ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වී ෆෙන්ගේ මෙම මස අගදී නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.
මෙය චීන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසු එරට රජයේ ප්‍රධානියකු මෙරට නිල සංචාරයක නිරත වන පළමු අවස්ථාවයි.
අලුත් අවුරුද්දෙන් පසුව මෙම සංචාරය සිදුවන බව අදාළ වාර්තා අනාවරණ කළා.
ඔහු සිය සංචාරය අතරතුර ජනාධිපතිවරයා /අගමැතිවරයා ඇතුළු රජයේ ප්‍රධානීන් සමග සාකච්ජා පැවැත්වීමට නියමිතයි.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද නුදුරේදීම චීනයේ නිල සංචාරයක නිරතවීමට දින නියම කර ඇති බව ද අනාවරණ කර තිබෙනවා.