අධිවේගයේ අවදානම් ගමනක ගිය 4 දෙනා රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරුදායක ලෙස ධාවනය කළ මෝටර් රථයේ අසංවරව හැසිරෙමින් ගමන් ගත් තරුණයින් 04 දෙනා ලබන 22 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ , සැකකරුවන් අද දින පානදුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ බවයි.
අදාළ මෝටර් රථයේ දෙපස පැති දොරවල් මත වාඩි වී අනාරක්ෂිත ලෙස ගමන් කිරීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් මහනුවර, අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

 

පුවත යවන්න