මෙතෙක් වාර්තා වූ දෛිනක වැඩිම කොරෝනා ආසාදිතයන් ගණන ඊයේ ඉන්දියාවෙන් වාර්තා වුණා.
ඒ අනුව පැය 24තුල එරටින් වාර්තා වන ආසාදිතයන් ගණන ලක්ෂ 2ක්.
මේ සමග කොරෝනා මරණ 1093 ක් ද ඊයේ දිනයේ දී ඉන්දියාවේ සිදුව තිබෙනවා.
මෙසේ ආසාදිතයන් වර්ධනයවීම සමග ඇතැම් ප්රාන්තවල රෝහල් ධාරිතාවය ඉක්මවා යමින් පවතින බවයි එන් ඩී ටීවී පුවත් සේව වාර්තා කළේ.
ඒ අනුව රෝහල් ලෙස භාවිත කිරීම සඳහා ඇතැම් හෝටල් යොදා ගනිමින් පවතින බවයි අනාවරණ කර ඇත්තේ.
බරපතල මට්ටමේ ආසාදිතයන් ප්රවාහන කිරම සඳහා ගිලන්රථ හිඟයක්ද මතුවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.